නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ එතුමාව මදීනාවෙහි එක් වීදියක අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාව මුණ ගැසුණහ. එවිට අබූ හුරෙයිරා පසුවූයේ ස්නානය අනිවාර්යය වූ ජනාබත් තත්ත්වයේ ය. තමන් සිටින්නේ නජීස් තත්ත්වයක යැයි සිතා, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට කරන ගෞරවයක් ලෙස එතුමාණන් සමග වාඩි වී කතා කිරීමට පිළිකුල් කළේය. පසුව එතුමා සෙමින් ගොස්, ස්නානය කර, පසුව නැවත පැමිණ වාඩි විය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහු කොහේ ගියේ දැයි ඔහුගෙන් විමසන්නට වූහ. පසුව ඔහු සිටි තත්ත්වය ගැන ඔහු එතුමාණන්ට දන්වා, ජනාබත් තත්ත්වයේ සිටිය දී එතුමාණන් සමග වාඩි වීමට හෙතෙම පිළිකුල් කළ බව ද දන්වා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පුදුමයට පත්ව මෙසේ පැවසූහ. "සැබැවින්ම මුඃමින්වරයෙකු පිරිසිදු ය. ඔහු ජීවත්ව සිටිය ද, මිය ගිය ද කවර තත්ත්වයක පසු වුව ද ඔහු අපිරිසිදු නො වන්නේය."