නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඇතැම් විනයන් පිළිබඳ පැහැදිළි කර සිටියහ. ඒ අනුව මිනිසෙකු මූත්‍රා කරමින් සිටින අවස්ථාවේ තම දකුණතින් ලිංගය ඇල්ලීම හා ඉදිරිපස හෝ පසුපස තැවරී ඇති අපිරිසිදු දේ දකුණතින් ඉවත් කිරීම එතුමාණෝ තහනම් කළහ. සැබැවින්ම දකුණත ගරු කටයුතු සඳහා නිර්මාණය කරනු ලැබූවකි. එමෙන්ම පානය කරන භාජනයට හුස්ම හැරීම ද එතුමාණෝ තහනම් කළහ.