කවරෙකු රමළාන් මාසයේ අල්ලාහ් පිළිබඳ විශ්වාසයෙන් උපවාසයේ අනිවාර්යය භාවය හා උපවාසකරුවන්ට උත්තරීතර අල්ලාහ් සූදානම් කර ඇති අතිමහත් කුසල් හා තිළිණ පිළිබඳ සහතික කරමින් කිසිදු ප්‍රදර්ශනයකින් හෝ මුහුණිච්ඡාවෙන් තොරව එමගින් උත්තරීතර අල්ලාහ්ගේ තෘප්තිය පමණක් බලාපොරොත්තුවෙන් උපවාසයේ නිරත වන්නේ ද ඔහු අතීතයේ කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.