සංසර්ගයේ යෙදීමට ශක්තිය ඇති, විවාහය සඳහා වන වියදම් දැරිය හැකි උදවිය විවාහයක් කර ගන්නා මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිරිමත් කර ඇත්තාහ. සැබැවින්ම එය හරාම් හෙවත් තහනම් දැයින් ඔහුගේ බැල්ම ආරක්ෂා කරයි. ඔහුගේ ලිංගේන්ද්‍රියට රැකවරණය සළසාලයි. අනාචාරයෙන් වළක්වාලයි. කිසිවකුට සංසර්ගයේ යෙදීමට හැකියාව තිබුණ ද, විවාහ වියදම් දැරීමට ඔහුට හැකියාවක් නොමැති නම්, ඔහු උපවාසයේ නිරත විය යුතුය. සැබැවින්ම එය ලිංගෙන්ද්‍රියේ හට ගන්නා කාමාශාවන් පාලනය කරනු ඇත.