සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "රමළාන් (මාසය) පැමිණි විට ස්වර්ගයේ දොරටු විවෘත කරනු ලැබේ. අපා ගින්නේ දොරටු වසා දමනු ලැබේ. ෂෙයිතානුන්ට විලංගු දමනු ලැබේ." صحيح - متفق عليه
explain-icon

විවරණය

රමළාන් මාසය පැමිණි විට කරුණු තුනක් සිදුවන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියහ. පළමුවැන්න: ස්වර්ගයේ දොරටු විවෘත කරනු ලැබේ. එවිට ඉන් කිසිදු දොරටුවක් වසා දමනු ලබන්නේ නැත. දෙවැන්න: අපා ගින්නේ දොරටු වසා දමනු ලැබේ. එවිට ඉන් කිසිදු දොරටුවක් විවෘත කරනු නොලැබේ. තුන්වැන්න: ෂෙයිතානුන් සහ දුෂ්ට ජින්නුන් දම්වැල් දමා බැඳ දමනු ලැබේ. රමළාන් නොවන මාසවලදී ඔවුන් මුදා හරිනු ලබන තෙක් එහි දී ඔවුන් මුදා හරිනු නොලැබේ. මේ සියල්ල මෙම මාසය ගරු කරනු පිණිසත් ලෝවැසියන් සලාතය, සකාත්, දෙවියන් සිහි කිරීම, කුර්ආනය කියවීම වැනි නැමදුම් බොහෝමයක ඔවුන් නිරත වනු පිණිසත් කැමැත්ත ඇති කිරීමටය. එමෙන්ම පාපකම් හා පිටුපෑම්වලින් දුරස් වීමටය.

explain-icon

හදීසයේ හරය

  • රමළාන් මාසයේ මහිමය.
  • සැබැවින්ම සමෘද්ධිමත් මෙම මාසය නැමදුම් හා යහකම් කිරීමේ කාලය බව උපවාසය රකින්නන් හට ශුභාරංචි දැන්වීම.
  • රමළාන් මාසයේ ෂෙයිතානුන් බැඳ දමා ඇත යන්නෙහි වගකීම් දරන්නා නිදහසට කරුණු ඉදිරිපත් කිරීම ඉවතලීම පෙන්වා දෙයි. එය ඔහුට මෙසේ පවසන්නා මෙනි: ෂෙයිතානුන් නුඹෙන් වළක්වා ඇත. නමුත් නැමදුම් අත්හැර දැමීමෙහි හා පාපයන් සිදු කිරීමෙහි නිදහසට කරුණු ලෙස ඔවුන්ව නොගත යුතුය.
  • කුර්තුබී තුමා මෙසේ පවසයි. "රමළාන් මාසයේ අධික ලෙස පාපකම් හා දුෂ්ඨකම් අපි දකින්නේ ඇයි. ෂෙයිතානුන් බැඳ දමා ඇත්නම් ඒවා සිදු නොවිය යුතු නොවේ ද? යැයි විමසනු ලැබූ විට, පිළිතුර වනුයේ: සැබැවින්ම උපවාසයේ නීතිරීති ගැන සැලකිලිමත්ව, එහි කොන්දේසි පිළිපැද එය රකින උදවියගෙන් එවන් දෑ අඩුවන බවයි. එසේ නැතහොත් ඇතැම් ෂෙයිතානුන් පමණක් බැඳ ඇති බවයි. එය ඇතැම් වාර්තාවල සඳහන් පරිදි ඔවුන් සියලු දෙනාම නොව ඵලවා හරිනු ලැබූවන් පමණක් යන වගයි. එසේත් නැත්නම් ඉන් අදහස් කරනු ඇත්තේ දුෂ්ටකම් එහි දී අඩු වී යන බවය. මෙය බුද්ධි ගෝචර මතයකි. එහි දී එවන් දෑහි වැටීම වෙනත් මාසවල වැටීමට වඩා අඩුය. එසේ නම් ඔවුන් සියලු දෙනා බැඳ දැමීමෙන් නපුරක් හෝ පාපයක් හෝ සිදු නොවන බව සඳහන් කළ නො හැක. සැබැවින්ම ඒවා ෂෙයිතානුන්ගෙන් තොරව, නපුරු ආත්මය, නපුරු සිරිත් විරිත් හා නපුරු මිනිස් බලවේග වැනි දැයින් සිදු විය හැක්කක් වන බැවිනි.
explain-icon

අමතර