අබූ උමාමා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අල්ලාහ්ගේ මාර්ගයේ දිනක් කවරෙකු උපවාස ශීලයේ නිරත වන්නේ ද අහස හා මහපොළොව අතර මෙන් වූ අගලක් ඔහු අතර හා නිරා ගින්න අතර අල්ලාහ් තබනු ඇත.“ හසන් ගණයට අයත් හදීසයකි - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

මෙම හදීසයේ අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් අවංකව, දිනක් උපවාසයේ නිරත වීමේ මහිමය විස්තර කර ඇත. එනම් එය නිරා ගින්නෙන් අල්ලාහ් ඔහුව ආරක්ෂා කොට අහස පොළොවෙන් දුරස්ව පිහිටා ඇති සේම ඔහුව නිරා ගින්නෙන් දුරස් කිරීමෙනි.

explain-icon

අමතර