ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වයස අවුරුදු හතළිහේ දී එතුමාණන් වෙත දිව්‍ය පණිවිඩ පහළ කරනු ලැබීය. එතුමාණන් මක්කාවේ වසර දහ තුනක් රැඳී සිටි අතර පසුව ඉන් නික්ම යන්නට නියෝග කරනු ලැබීය. එසේ එතුමාණෝ මදීනාවට නික්ම ගොස් එහි වසර දහයක් රැඳී සිට, පසුව මරණයට පත් වූහ." صحيح - متفق عليه
explain-icon

විවරණය

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා මෙසේ දැනුම් දෙයි: "සැබැවින්ම දිව්‍ය පණිවිඩ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පහළ කරන ලද්දේ හා එතුමාණන් දේව දූතයකු සේ එවන ලද්දේ එතුමාණන්ගේ වයස අවුරුදු හතළිහේදීය. එතුමාණන්ට දිව්‍ය පණිවිඩ ලැබුවායින් පසු වසර දහතුනක් මක්කාවේ රැදී සිටි අතර පසුව මදීනාවට හිජ්රා - නික්ම- යෑමට නියෝග කරනු ලැබූහ. එහි වසර දහයක් පදිංචි වූ එතුමා පසුව එතුමාණන්ගේ වයස අවුරුදු හැට තුනේදී මරණයට පත් වූහ.

explain-icon

හදීසයේ හරය

  • නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ චරිතාපදානය ගැන සහාබාවරුන් දැක්වූ වැදගත්කම.
explain-icon

අමතර