සෑම දෙයක්ම පෙර නියමය අනුව සිදුවන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. නොහැකියාව පවා එලෙසය, එනම්: මෙලොව හා මතුලොව කටයුතු සම්බන්ධයෙන් කළ යුතු දෑ අත්හැරීම, එය කල් දැමීම හා එහි නියමිත වේලාවෙන් ප්‍රමාද කිරීමය. හැකියාව පවා එලෙසය, එනම්: මෙලොව හා මතුලොට කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීම හා උනන්දු වීම. සර්වබලධාරී අල්ලාහ් නොහැකියාව හා හැකියාව මෙන්ම සෙසු සියලු දෑ තක්සේරු කර ඇත. ඔහුගේ පෙර දැනුම හා අභිමතය අනුව ම ඒවා මේ විෂ්වයෙහි සිදු වේ.