අල්-මික්දාද් ඉබ්නුල් අස්වද් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් මෙසේ විමසා සිටියේය. හෙතෙම දේවත්වය ප්‍රතික්ෂේප කළ ප්‍රචණ්ඩකාරී මිනිසෙකු යුද පිටියේ හමු වී තමන් එකිනෙකා සටන් වැද අවසානයේ දේවත්වය ප්‍රතික්ෂේප කළ අය තම අතකට කඩුවෙන් පහර දී එය කපා වෙන් කළේය. පසුව ඔහු පළා ගොස් ගසකට මුවා වී ආරක්ෂාව සළසා ගෙන අවසානයේ ඔහු 'ලා ඉලාහ ඉල්ලල්ලාහු (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැත)' යැයි පවසා සිටියේය. ඔහු මගේ අත කපා දැමීමෙන් පසු මා විසින් ඔහු මරා දැමීමට මට අවසර ඇත්දැ?යි විමසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: “ඔබ ඔහු මරා නොදැමිය යුතු යැ"යි ඔහුට පවසා සිටියහ. එවිට ඔහු: "අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම ඔහු මගේ අතක් කපා දමා ඇත. එසේ තිබිය දී මා ඔහු මරා දැමීමට මට නොහැකි ද?" යැයි වමසුවේය. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ, "ඔබ ඔහු මරා නොදමනු යැයි" පවසා "දැන් ඔහුගේ ජීවිතය නැතිකරන්නට තහනම් තත්ත්වයක ඔහු පසුවන්නේය. එහෙයින් ඔහු ඉස්ලාමයට පැමිණි පසු ඔබ ඔහුව මරා දැමුවෙහි නම්, දැන් ඔහු ඔබේ නිලයෙහි පසුවන බවත් ඔහු ඉස්ලාමයට පැමිණීමත් සමග ඔහුගේ ජීවිතයට ආරක්ෂාව ලැබුණු බවත් දැනගත යුතුය. එමෙන්ම ඔබ සිටින්නේ ඔහුගේ නිලයෙහිය. ඔබට ඔහු මරා දැමීමට අවසරය ඇත්තේ සමප්‍රතිචාර දැක්වීමක් වශයෙන් පමණ ය." යැයි පැවසුහ.