සැබෑ ලෙස නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල් කරුවකු නැති බවට සාක්ෂි දරා, සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට දිව්‍ය පණිවිඩය ලැබූ බවටත් සාක්ෂි දරා, මෙම සාක්ෂියේ ප්‍රකාශය අපේක්ෂා කරන රාත්‍රි හා දහවල් කාලයේ නියම කරන ලද සලාතය විධිමත්ව ඉටු කිරීම, නියම කරන ලද සකාත් සුදුස්සන් හට පිරිනැමීම යන ක්‍රියාවන් සිදු කරන තෙක් මිථ්‍යාදෘෂ්ඨිකයික් සමග අරගල කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ දන්වා සිටියි. එසේ ඔවුන් එම කටයුතු සිදු කළේ නම්, ඉස්ලාමය ඔවුන්ගේ ජීවිත හා ඔවුන්ගේ දේපළ ආරක්ෂා කරනු ඇත. ඉස්ලාමීය නීතිය නියම කරන මරණ දඬුවමට අයත් වරදක් සිදු කළ විටෙක හැර ඔවුන් මරා දැමීම අනුමත වන්නේ නැත. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ රහස් අල්ලාහ් හඳුනන නිසාවෙන් ඔවුන්ගේ විනිශ්චය උත්තරීතර අල්ලාහ් භාර ගනී.