'නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පෙර විසූ සමූහයා අතරින් කිසියම් හෝ නබිවරයකු හෝ වේවා, ඔහුගේ සමාජය තුළ පිවිතුරු, ඔහුට සහය ඵල කළ, කැපවීමෙන් කටයුතු කළ අවංක, ඔහුගෙන් පසු පරිපාලනය නිවැරදිව ක්‍රියාත්මක කරන, ඔහුගේ පිළිවෙත අනුගමනය කරන, ඔහුගේ නියෝග පිළිපදින පිරිසකින් තොරව අල්ලාහ් කිසිදු නබිවරයකු එව්වේ නැත,' යැයි එතුමාණෝ පැවසූහ. පසුව එම පුරෝගාමී දැහැමියන්ගෙන් පසුව යහපත නැති පිරිසක් පැමිණෙනු ඇත. තමන් සිදු නො කරන දෑ ඔවුහු පවසති. තමන්ට නියෝග නොකරන ලද දෑ ඔවුහු සිදු කරති. කවරෙකු තම අතින් ඔවුන් සමග වෙහෙස වන්නේ ද ඔහු දේවත්වය විශ්වාස කරන්නෙකි. එමෙන්ම කවරෙකු තම දිවෙන් ඔවුන් සමග වෙහෙස වන්නේ ද ඔහු ද දේවත්වය විශ්වාස කරන්නෙකි. තවත කවරෙකු තම හදවතින් (වචනයෙන්) ඔවුන් වළක්වන්නට පරිශ්‍රමය යෙදුවේද ඔහු ද දේවත්වය විශ්වාස කරන්නෙකි. ඉන් පසුව විශ්වාසයෙන් අබ ඇටයක් (තරම්) හෝ නොමැත.