දේවත්වය පිළිබඳ විශ්වාසය තම සිත තුළ තැන්පත් වූ සැබෑ දේව විශ්වාසියා, ඔහුගේ සිත තුළ පුළුල් බව, විස්තීරණය, සතුට, සුවය, මිහිර අල්ලාහ්ගෙන් ලබනුයේ මෙම කරුණු තුන පිළිගත්තේ නම් පමණක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. පළමුව: අල්ලාහ්ව පරමාධිපති ලෙස පිළිගැනීමය. එනම් පෝෂණ සම්පත් හා අවස්ථාවන් බෙදා හැරීමේ දී දේව පරිපාලනය අනුව අල්ලාහ් ගෙන් පැමිණෙන දෑ විවෘත හදවතින් පිළිගැනීමය. ඔහුගේ හදවත තුළ එයට පටහැනි දෙයක් විය නොහැක. උත්තරීතර අල්ලාහ් හැර වෙනත් කිසිවකු පරමාධිපති ලෙස නොසෙවිය යුතු යැයි අවවාද කෙරේ. දෙවැන්න: ඉස්ලාමය දහම ලෙස පිළිගැනීමය. එනම් ඉස්ලාමය තුළ පවතින වගකීම් හා පැවරුම් සම්බන්ධයෙන් සෑහීමට පත්ව ඒවා විවෘත හදවතින් බැලීම ය. ඉස්ලාමය හැර වෙනත් මාර්ගයක ඔහු නොයා යුතුය. තුන්වැන්න: මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව ධර්ම දූතයා ලෙස පිළිගැනීමය. එනම් එතුමාණන් ගෙන ආ සියලු දෑ කිසිදු සැකයකින් හෝ කුතුහලයකින් තොරව ඉතා සතුටින් හා විවෘත හදවතින් පිළිගැනීමය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මඟපෙන්වීමට අනුගත වන දෑ හැර වෙනත් මඟක ගමන් නො කළ යුතු ය.