මෙලොවට හා මතුලොවට යහපත ගෙන දෙන වචන අඩු වුව ද පුළුල් අර්ථයෙන් සංෂිප්ත ප්‍රාර්ථනාවන් ප්‍රාර්ථනා කිරීම, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රිය කළහ. එහි උත්තරීතර අල්ලාහ්ට ප්‍රශංසා කිරීම් හා යහපත් අරමුණු ඇතුළත් වූ අතර ඒ හැර අනෙකුත් දෑ අත්හැර දැමූහ.