ප්‍රාර්ථනාවක් සමග යමක් අල්ලාහ් අභිමත කළේ නම් යැයි වුව ද (කොන්දේසි වශයෙන්) සම්බන්ධ කර ප්‍රාර්ථනා කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තහනම් කළහ. සැබැවින්ම සුවිශුද්ධයාණන් අභිමත කරන්නේ නම් මිස සමාව නොලැබෙන බව ස්ථීර හා හොදින් දන්නා කරුණකි. නමුත් එම අභිමතය කොන්දේසියක් මත නොවිය යුතුය. මක්නිසාද යත් කොනේදේසි වශයෙන් පනවනු ලබනුයේ සිදු කරන්නට හැකි උදවිය අතරය. නමුත් එය බල කිරීමක් නැත යැයි, තවත් හදීසයක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඒ බව පැහැදිලි කර ඇත්තාය. සැබැවින්ම එය ඔහුට කරන බලකිරීමක් නොවන බවයි. සැබැවින්ම අල්ලාහ්ට කිසිවක් ඉමහත් දෙයක් නොවුව ද ඔහු එය පිරිනමයි. ඔහු අපොහොසත් අයකු නොවේ, "ඔබ අභිමත කළද" යනුවෙන් පවසනු ලැබුව ද ඔහු මත කිසිවක් විශාල නොවේ. අභිමතය සමග එසේ සම්බන්ධ කිරීම ඔහුගේ සමාව අවශ්‍ය නොවන බව පවසා සිටින ආකාරයකි. එසේ පවසා සිටින්නාගේ ප්‍රකාශය මෙසේ වෙයි. "එසේ ඔබ මට පිරිනැමීමට කැමති නම් එය සිදු කරන්න." මෙය භාවිතා කරනුයේ එය ඔහුට අවශ්‍ය නොවන බැවිනි. එසේ නැතහොත් ඔහු අපොහොසත් අයකු වන බැවිනි. සැබැවින්ම හැකියාව සමග බැගෑපත්වීමත් සමග තම අවශ්‍යතාව අවධාරණය කිරීම සැබැවින් ඔහු පතන දෑ බලවත් කරයි. ඔහු අවශ්‍යතාවෙන් පෙළෙන, විමසා සිටින්නට බල කෙරුණු අයකුගේ පැතුමන් ඉල්ලීම් ඉල්ලා සිටියි. අල්ලාහ් වෙත යොමු වෙයි. මක් නිසාද යත් ඔහු මුළුමණින්ම අවශ්‍යතාවන්ගෙන් තොර හා සියලු දෑ කෙරෙහි බලය ඇත්තා වන බැවිනි.