නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔබ අතරින් කිසිවකු හෝ ‘අහෝ දෙවියනි! ඔබ අභිමත කළේ නම් මට සමාව දෙනු මැනව. ඔබ අභිමත කළේ නම් මට කරුණා කරනු මැනව. ඔබ අභිමත කළේ නම් මට පෝෂණය කරනු මැනව!' යැයි නොපැවසිය යුතුයි. ඔහු පතන පැතුමෙහි ස්ථීරව සිටිත්වා! සබැවින්ම අල්ලාහ් තමන් කැමති පරිදි කටයුතු කරයි. එය පිළිකුල් කරන්නෙකු නැත.” මුස්ලිම්හි සඳහන් තවත් වාර්ථාවක: ‘ඉල්ලා සිටින දෑ අවධාරනයෙන් ඉල්ලා සිටිය යුතු අතර දැඩි ලෙස අපේක්ෂා කළ යුතුය. සැබැවින්ම අල්ලාහ් ඔහුට පිරිනමන කිසිවක් (අල්ලාහ් වන) ඔහුට ඉමහත් දෙයක් නොවනු ඇත.’ صحيح - متفق عليه
explain-icon

විවරණය

ප්‍රාර්ථනාවක් සමග යමක් අල්ලාහ් අභිමත කළේ නම් යැයි වුව ද (කොන්දේසි වශයෙන්) සම්බන්ධ කර ප්‍රාර්ථනා කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තහනම් කළහ. සැබැවින්ම සුවිශුද්ධයාණන් අභිමත කරන්නේ නම් මිස සමාව නොලැබෙන බව ස්ථීර හා හොදින් දන්නා කරුණකි. නමුත් එම අභිමතය කොන්දේසියක් මත නොවිය යුතුය. මක්නිසාද යත් කොනේදේසි වශයෙන් පනවනු ලබනුයේ සිදු කරන්නට හැකි උදවිය අතරය. නමුත් එය බල කිරීමක් නැත යැයි, තවත් හදීසයක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඒ බව පැහැදිලි කර ඇත්තාය. සැබැවින්ම එය ඔහුට කරන බලකිරීමක් නොවන බවයි. සැබැවින්ම අල්ලාහ්ට කිසිවක් ඉමහත් දෙයක් නොවුව ද ඔහු එය පිරිනමයි. ඔහු අපොහොසත් අයකු නොවේ, "ඔබ අභිමත කළද" යනුවෙන් පවසනු ලැබුව ද ඔහු මත කිසිවක් විශාල නොවේ. අභිමතය සමග එසේ සම්බන්ධ කිරීම ඔහුගේ සමාව අවශ්‍ය නොවන බව පවසා සිටින ආකාරයකි. එසේ පවසා සිටින්නාගේ ප්‍රකාශය මෙසේ වෙයි. "එසේ ඔබ මට පිරිනැමීමට කැමති නම් එය සිදු කරන්න." මෙය භාවිතා කරනුයේ එය ඔහුට අවශ්‍ය නොවන බැවිනි. එසේ නැතහොත් ඔහු අපොහොසත් අයකු වන බැවිනි. සැබැවින්ම හැකියාව සමග බැගෑපත්වීමත් සමග තම අවශ්‍යතාව අවධාරණය කිරීම සැබැවින් ඔහු පතන දෑ බලවත් කරයි. ඔහු අවශ්‍යතාවෙන් පෙළෙන, විමසා සිටින්නට බල කෙරුණු අයකුගේ පැතුමන් ඉල්ලීම් ඉල්ලා සිටියි. අල්ලාහ් වෙත යොමු වෙයි. මක් නිසාද යත් ඔහු මුළුමණින්ම අවශ්‍යතාවන්ගෙන් තොර හා සියලු දෑ කෙරෙහි බලය ඇත්තා වන බැවිනි.

explain-icon

හදීසයේ හරය

  • "අභිමත කළේ නම්" යැයි පවසා ඒ සමග ප්‍රාර්ථනාව සම්බන්ධ කිරීම තහනම්ය.
  • අල්ලාහ්ට සුදුසු නොවන දැයින් ඔහුව පිවිතුරු කිරීම, ඔහුගේ භාග්‍යයේ විශාලත්වය, ඔහු මුළුමණින්ම අවශ්‍යතාවන්ගෙන් තොර වීම, සුවිශුද්ධ උත්තරීතරයාණන්ගේ ත්‍යාගශීලීභාවය හා පැවැත්ම.
  • පරිපූර්ණත්වය සර්වබලධාරී අල්ලාහ්ට වෙනුවෙන් සහතික කිරීම.
  • අල්ලාහ් අබියස ඇති දෑ සම්බන්ධයෙන් වන ආශාව දැඩි කිරීම. ඔහු ගැන යහපත් සිතුවිලි ඇති කර ගැනීම.
  • ඇතැම් මිනිසුන් තමන් නොදැනුවත්වම අල්ලාහ්ගේ අභිමතය කොන්දේසියක් ලෙස නියම කරමින් පවසති. උදාහරණ ලෙස "අල්ලාහ් අභිමත කළේ නම් අල්ලාහ් ඔබට යහපත් ප්‍රතිඵල පිරිනමනු ඇත.", අල්ලාහ් අභිමත කළේ නම් අල්ලාහ් ඔහුට කරුණා කරනු ඇත.", යැයි පැවසීම මෙම පාඩමේ ඇති හදීසය අනුව අනුමත නොවන කරුණකි.
explain-icon

අමතර