අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි.“ ඔබ අතරින් කෙනෙකු, සැබැවින්ම මම පැතුවෙමි. නමුත් මට පිළිතුරු දෙනු නොලැබීය යැයි පවසා ඉක්මන් නොවන තාක්කල් පිළිතුරු දෙනු ලබනු ඇත.“ මුස්ලිම් හි සඳහන් තවත් වාර්තාවක “පාපයකට හෝ ඥාතී සම්බන්ධකම් බිඳ වැටීමට හෝ ප්රාර්ථනා නොකර, (ප්රාර්ථනාවෙහි) ඉක්මන් නොවී සිටින තාක්කල් ගැත්තාට පිළිතුරු දෙනු ලබමින්ම පවතී. “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඉක්මන්වීම යනු කුමක් දැ?“යි එතුමාගෙන් විමසන ලදී. එතුමා, “සැබැවින්ම මම පැතුවෙමි. සැබැවින්ම මම පැතුවෙමි. මට පිළිතුරු ලැබෙන බව නොදකිමි. එවිට ඔහු ඒ පිළිබඳ අවනිශ්චිතභාවයට පත්ව ප්රාර්ථනා කිරීම අතහැර දමයි.“ යැයි පැවසූහ. පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

පාපයක් කිරීම සම්බන්ධයෙන් හෝ ඥාතී සම්බන්ධකම් බිඳ දැමීම සම්බන්ධයෙන් හෝ ප්රාර්ථනා නොකර සිට ඒ පිළිබඳ ඉක්මන් නොවී සිටින තාක්කල් ගැත්තාට පිළිතුරු දෙනු ලබන බව සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා දන්වා සිටියහ. එවිට “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ප්රාර්ථනාව පිළිගැනීම වළක්වන තරමට ඉක්මන්වීම යනු කුමක් දැ?“යි එතුමාගෙන් විමසන ලදී. එතුමා, සැබැවින්ම මම පැතුවෙමි. සැබැවින්ම මම පැතුවෙමි. නැවත නැවතත් මාගේ ප්රාර්ථනාව විය.නමුත් මට පිළිතුරු දෙනු නොලැබීය. එවිට ඔහු ඒ පිළිබඳ ඉක්මන් වී ප්රාර්ථනා කිරීම අතහැර දමයි. යැයි පැවසූහ.

explain-icon

අමතර