හදීසය ආරම්භයේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා රාත්රියෙන් තුනෙන් පංගුවක් ගෙවී ගිය විට නැගී සිට නොසැලකිලිමත්ව සිටින තම සමූහයා දැනුවත් කරමින් අල්ලාහ්ගේ පූර්ණ ආශිර්වාදයෙන් ඔහුගේ තෘප්තියට පත්වනු පිණිස එහි ලැබෙන්නට යන දෑ සඳහා උනන්දු කරවමින්, “අහෝ ජනයිනි! අල්ලාහ්ව මෙනෙහි කරනු“ යැයි පැවසූහ. දැහැමි දෑ අධිකව කිරීම තුළින් හා ඒ හැර වෙනත් දෑ අතහැරීම තුළින් අධික වශයෙන් සිදු කරන දික්ර්හි ඵලයෙන් ස්වර්ග උයන් ඵලබර උසුලනු ඇත. එම හදීසයේ තවදුරටත් සලකා බලන විට, ඉල්ලා සිටින්නාගේ පැතුම ඔහු වෙනුවෙන් කරන පැතුමක් විය යුතුය. නමුත් ඉන් තුනෙන් කොටසක් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙනුවෙන් කරන පැතුමත් බවට පත් කර ගත හැක. එසේ නැතිනම් එතුමා වෙනුවෙන් අඩක් වෙන් කර ගන්නට පුළුවන, එසේත් නොමැතිනම් ඔහුගේ ප්රාර්ථනාව සම්පූර්ණයෙන්ම එතුමා වෙනුවෙන් වන්නට පුළුවන. එය තමන් වෙනුවෙන් පතන ප්රාර්ථාන වෙනුවට සම්පූර්ණයෙන් එතුමාණන් වෙත සලාවාත් පවසා සිටින්නාක් මෙනි. තවත් හදීසයක මෙසේ එය තහවුරු කර සිටියි. “කවරෙකු එතුමා වෙනුවෙන් වරක් සලවාත් පවසන්නේ ද අල්ලාහ් එතුමා වෙත දස වාරයක් සලවාත් පවසනු ඇත. මෙය ඉමාම් මුස්ලිම් තම සහීහ් ග්රන්ථයේ සඳහන් කර ඇත. (1/306 අංක 408) අබූ හුරෙය්රා තුමා විසින් වාර්තා කළ හදීසයක. ඔහුගේ සලවාත්වල කුසල් පූර්ණ වශයෙන් ඔහුට හිමි වනු ඇත. එහෙයින් එතුමා, “ඔබේ උත්සහය ඔබට ප්රමාණවත් වෙයි. ඔබේ පාපයන්ට සමාව දෙනු ලැබේ“ යැයි පවසා සිටියහ. එනම්, “නියත වශයෙන්ම පසුවට දුක ඇති කරන, පාපය අනිවාර්යය කරන යම් කරුණකින් ඉවත් වීමට ඔබ ඉල්ලා සිටින්නේ නම්, ඔබේ පැතුම වෙනුවට මා වෙත සලවාත් පවසන්නේ නම් ඔබේ අපේක්ෂාවන් සිදුවනු ඇත.“ මෙම හදීසයේ ප්රාර්ථනාවන්හි එතුමාව ඇතුළත් කර ගත යුතුයි යන්න අදහස් කෙරේ. එය, “මම මා වෙනුවෙන් අයැද සිටින සෑම කල්හිම ඔබ වෙත සලවාත් පවසමි“ යනුවෙන් පවසනවාක් මෙනි. ප්රාර්ථනාවෙන් තොරව සලවාත් පැවසීම පමණක් ප්රමාණවත් වේ යන්නට මෙය සාධකයක් ලෙස ගත යුතු නොවේ. නමුත් මේ සම්බන්ධයෙන් සඳහන්ව ඇති සියලු සාධක ක්රියාවට නංවමින් ඒ දෙක අතර මධ්යස්ත තීරණයක් ගත යුතුව ඇත.