අල්ලාහ්ගේ දූතයාණන් හට එතුමාණන්ගේ මිතුරන් සම්බන්ධව කරුණක් දැන ගන්නට ලැබිණ. එය ඔවුන් බොහේ දෑ ඉල්ලා සිටින බැවිනි. එවිට එතුමාණෝ කෝප වී දේශනාවක් ඉදිරිපත් කොට මෙසේ පවසා සිටියහ. "මා වෙත ස්වර්ගය හා නිරය පෙන්වන ලදී. ස්වර්ගයේ අද දින මා දුටු දෑට වඩා යහපතක් හෝ නිරයේ අද දින මා දුටු දෑට වඩා නපුරක් මම කිසිවිටෙකත් දැක නැත. අද දින මා දුටු දෑ ඔබ දුටුවෙහු නම්, මා දැනගත් දෑ ඔබ දැනගත්තෙහු නම්, මහත් සේ ඔබ අනුකම්පාවට පත්වනු ඇත. එය ඔබට අඩුවෙන් සිනහ සෙන්නටත් වැඩියෙන් අඬන්නටත් සළස්වනු ඇත. අනස් (රළියල්ලාහු අන්හු) තුමා තවදුරටත් මෙසේ පැවසීය: මීට වඩා දරුණු දිනයක් අල්ලාහ්ගේ දූතයාණන්ගේ මිතුරන් හට පැමිණ තිබුණේ නැත. ඔවුහු ඔවුන්ගේ හිස් ආවරණය කර ගත්හ. දැඩි සේ හඬා වැළපීම හේතුවෙන් නාසයෙන් පිටවන කෙඳිරි ගාන හඬක් ඔවුන් තුළින් වෙන්නට විය. එවිට උමර් තුමා නැගිට මෙසේ පැවසූහ: "අපි අල්ලාහ්ව පරමාධිපතියාණන් ලෙසත්, ඉස්ලාමය දහම ලෙසත්, මුහම්මද් තුමාණන් නබිවරයා ලෙසත් පිළිගෙන ඇත්තෙමු." තවදුරටත් මෙසේ පැවසීය. එම මිනිසා නැගිට "මගේ පියා කවුදැ?යි විමසා සිටියේය. ඔහු "ඔබේ පියා මේ තැනැත්තා ය" යැයි පැවසීය. එවිට මෙසේ පහළ විය: "අහෝ විශ්වාස කළවුනි! ඔබට හෙළි වූ විට ඔබට නපුරක් වන කරුණු පිළිබඳ ඔබ විමසා නොසිටිනු" (අල්-මාඉදා: 101)