මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ අල්ලාහ්ගෙන් කුසල් මෙන්ම මිනිසුන් අතරින් ප්‍රශංසාව හා මෙනෙහි කිරීමේ අපේක්ෂාවෙන් යුද පිටියට ජිහාද් සඳහා පිටත්ව යන තැනැත්තෙකුට හිමි වන ප්‍රතිඵල කුමක් දැයි විමසා එහි නීතිය දැන ගන්නට පැමිණියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): 'ඔහුට කිසිදු කුසලක් සතු වන්නේ නැත' යැයි පිළිතුරු දුන්හ. ඊට හේතුව ඔහුගේ චේතනාව තුළ අල්ලාහ් නොවන වෙනත් අරමුණක් ද මිශ්‍ර වී තිබෙන බැවිනි. එම තැනැත්තා එතුමාණන්ගෙන් එය තුන් වරක්ම විමසා සිටියේය. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) 'ඔහුට කිසිදු කුසලක් සතු වන්නේ නැත' යැයි එකම පිළිතුර ලබා දීමෙන් එය සහතික කළහ. පසුව අල්ලාහ් අබියස ක්‍රියාව පිළිගැනීම සඳහා තිබිය යුතු රීතිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහුට දන්වා සිටියහ: සැබැවින්ම අල්ලාහ් එම ක්‍රියාව පිළිගන්නේ එහි කිසිවක් හවුල් කිරීමෙන් තොරව එමෙන්ම එය අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා පමණක් සිදු කරන්නේ නම් පමණි යැයි දන්වා සිටියහ.