ලෞකික හා ආගමික කටයුතුවලදී යහපත ගෙන ඒමේ හා හානිය වැළැක්වීමේ දී අල්ලාහ් මත සම්පූර්ණ විශ්වාසය තැබිය යුතු යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අප දිරිගන්වා ඇත. උත්තරීතර සුවිශුද්ධයාණන් හැර යමක් පිරිනමන්නට හෝ යමක් වළක්වන්නට හෝ යම් හානියක් කරන්නට හෝ යම් සෙතක් සළසන්නට හෝ කිසිවකු නැත. අල්ලාහ් මත සැබෑ අදිෂ්ඨානය තැබීමත් සමග යහපත ගෙන ඒමේ හා හානිය වැළැක්වීමේ සාධක අප විසින් පිළිපැදිය යුතුය. එය අප සිදු කළ විට කුසගින්නෙන් උදෑසන පිටත්ව ගොස් සවස් කාලයේ කුස පුරවාගෙන එන පක්ෂියාට අල්ලාහ් පෝෂණ සම්පත් දායාද කරන්නා සේ අල්ලාහ් අපට පෝෂණ සම්පත් පිරිනමනු ඇත. මෙම ක්‍රියාව විශ්වාසය මත පමණක් පදනම්ව මැලි නොවී පෝෂණ සම්පත් සෙවීම සඳහා තම උත්සහය යෙදීමේ සාධක අතරින් වූ එක් වර්ගයකි.