නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ කරුණු සම්බන්ධයෙන් පොදු රීතියක් පැහැදිලි කළහ. සැබැවින්ම ඒවා ෂරීආ පිළිවෙත තුළ කොටස් තුනකට බෙදෙයි: (හලාල් හෙවත්) පැහැදිලි අනුමත කරුණු. (හරාම් හෙවත්) පැහැදිලි තහනම් කරුණු. ජනයා අතරින් බහුතරයක් අනුමත ද නැද්ද යන්න ගැන එහි නීතිය නො දන්නා අපැහැදිලි හා සැක උපදවන කරුණු. කවරෙකු සැක උපදවන මෙම කරුණු අත් හරින්නේ ද, තහනම් දෑහි වැටීමෙන් ඔහු දුරස් වී ඔහුගේ දහම ආරක්ෂා වනු ඇත. එමෙන්ම එම සැක සහිත දෑ සිදු කිරීම හේතුවෙන් මිනිසුන් ඔහුට කරන චෝදනාවෙන් ඔහුගේ මාන්‍යය ඔහුට ආරක්ෂා වනු ඇත. කවරෙකු එම සැක සහිත දැයින් වැළකී නොසිටියේ ද හරාම් දෑහි වැටීමෙන් හෝ මිනිසුන් විසින් නගන චෝදාවන්ට ලක්ව ඔහුගේ මාන්‍යය කෙළසී යාමෙන් ඔහුගේ ආත්මයට බලපානු ඇත. කවරෙකු සැක සහිත කරුණු සිදු කරන්නේ ද ඔහුගේ තත්ත්වය පැහැදිලි කරනු පිණිස අල්ලාහ්ගේ දූතයාණෝ උදාහරණයක් ඉදිරිපත් කළහ. එය පටු භූමියක තම ගොවිපල සතුන් ආරක්ෂා කරන එඬේරකු මෙනි. එම එඬේරාගේ සතුන් මෙම භූමියට ආසන්නව සිටින නිසා එහි තෘණ කෑමට සැරසේ. සැක සහිත දෑ කිසිවක් කිසිවකු විසින් සිදු කළේ ද ඔහු ද එලෙසම හරාම් දෙයට සමීප වී එහි වැටෙනු ඇත. ඉන් පසු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විස්තර කර සිටියේ: ශරීරයේ මස් කැබැල්ලක් (හදවත) ඇති බවත් එය විධිමත් වීමෙන් මුළු ශරීරයම විධිමත් වන බවත් එය දූෂිත වීමෙන් ශරීරය ද දූෂිත වන බවත්ය.