අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් තා කරන ලදී: සැබැවින්ම මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට, ‘මට ඔබ උපදෙස් දෙනු මැනව!’ යැයි පවසා සිටියේය. එතුමාණෝ: “ඔබ කෝප නොවනු” යැයි පැවසූහ. ඔහු එසේ කීප වරක් ම විමසා සිටියේය. එතුමාණෝ: “ඔබ කෝප නොවනු" යැයි පැවසූහ. صحيح - رواه البخاري
explain-icon

විවරණය

සහාබිවරයකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් තමන්ට ප්‍රයෝජනවත් වන යමක් කියා දෙන්නැයි විමසා සිටියේය. එවිට එතුමාණෝ ඔහුට කෝප නොවිය යුතු යැයි අණ කළහ. එහි තේරුම කෝපය උපදවන හේතුසාධකවලින් වැළකී සිටීම, කෝපය ඇති වූ විට තමන් පාලනය කිරීම හා එම කෝපය සමග ඝාතන, පහර දීම්, බැණ වැදීම් වැනි දැයින් ඉක්මවා ගොස් කටයුතු නොකිරීම. එම පුද්ගලයා තමන්ට උපදෙස් දෙන මෙන් වාර ගණනාවක්ම ආයාචනය කළ අතර නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඊට පිළිතුරු වශයෙන් "ඔබ කෝප නොවනු" යන ප්‍රකාශය හැර වෙනත් කිසිවක් ඔහුට පවසා සිටියේ නැත.

explain-icon

හදීසයේ හරය

  • කෝපය, කෝපට තුඩු දෙන සාධක යනාදිය ගැන ප්‍රවේසම් වීම. සැබැවින්ම කෝපය නපුරේ එකතුව වන අතර ඉන් වැළකී සිටීම යහපතේ එකතුවයි.
  • අල්ලාහ් තහනම් කළ දැ කඩ කරන අවස්ථාවක ඇති වන ප්‍රශංසනීය කෝපය මෙන් අල්ලාහ් වෙනුවෙන් කෝප විය හැක.
  • සවන් දෙන්නා එය දැනගෙන, එහි වැදගත්කම අවබෝධ කර ගන්නා තුරු අවශ්‍ය වූ විට කථාව යලි යලි පුනරාවර්තනය කිරීම.
  • විද්වතාගෙන් උපදෙස් පැතීමේ මහිමය.
explain-icon

අමතර