උස්මාන් ඉබ්නු අෆ්ෆාන් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මස්ජිදයේ ආරම්භක ගොඩනැගිල්ලට වඩා අලංකාර අයුරින් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමට අපේක්ෂා කළේය. එවිට එම ගොඩනැගිල්ල නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කාලයේ තිබූ ස්වරූපයෙන් වෙනස් වන බැවින් ඒ සඳහා ජනයා පිළිකුල් කළෝය. එය මැටියෙන් තනන ලද, වහල ඉඳි කොළ වලින් සාදන ලද ගොඩනැගිල්ලක් විය. උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා ගල් හා සිමෙන්ති වලින් එය ගොඩ නගන්නට සිතුවේය. පසුව උස්මාන් තුමා ඔවුනට මෙසේ පවසා සිටියේය: ප්‍රදර්ශනය කිරීමකින් හෝ මුහුණිච්චාවෙන් තොරව උත්තරීතර අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් කවරෙකු මස්ජිදයක් තනන්නේ ද ඔහු කළ ක්‍රියා වර් ගයට වඩා උතුම් ප්‍රතිඵල ඔහුට අල්ලාහ් දායාද කරනු ඇත. එම ප්‍රතිඵලය වනුයේ ඒ හා සමාන දෙයක් ස්වර් ග උයනේ ඔහු වෙනුවෙන් අල්ලාහ් තනා දීමය.