තම පේළි අතර ඍජුව සමාන්තරව සකසා නොගන්නේ නම් එසේ පේළි අතර ඇද ඇතිකළවුන් අතර අල්ලාහ් විරුද්ධත්වය ඇති කරනු ඇතැයි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණෝ තරයේ ප්රකාශ කොට ඇත. හේතුව ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා ඉදිරියෙන් සිටින විට, ඔවුහු ඔවුන් අතර හිඩැස් ඇති කරවන්නට සළස්වති. සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා එය ප්රකාශයෙන් තම සහාභාවරු දැනුවත් කළහ. ක්රියාවෙන් ඔවුන් හැඩගැස්වූහ. තම අතින් ඔවුන් කෙළින් කරන්නට වූහ. ඔවුන් ඒ ගැන වටාහා ගෙන ඇත. අවබෝධ කර ගෙන ඇත යැයි එතුමාණන් සිතන තෙක් එසේ සිදු කළහ. එක් සලාතයකදී සහාබාවරුන්ගෙන් කෙනෙකු ඔවුන් අතර පේළියේ තම පපුව ඉදිරියට නෙරපමින් සිටිනු දුටුහ. සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන් කෝප වී මෙසේ පැවසූහ. “නුඹලාගේ පේළි සමාන්තරව සකසා ගන්න. එසේ නොවේ නම් නුඹලා අතර අල්ලාහ් විරුද්ධත්වය ඇති කරනු ඇත.“