ජාබිර් ඉබ්නු සම්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ෆජ්ර් සලාතය කළ විට, හිරු හොදින් උදාවන තුරු එතුමාණෝ සලාත් කළ ස්ථානයේම වාඩි වී සිටියහ. තවත් ප්‍රකාශයක: හිරු උදාවන තුරු (සුබ්හු) අළුයම් කාල සලාතය ඉටු කළ ස්ථානයෙන් එතුමාණන් නැගිට්ටේ නැත. හිරු නැඟුනු පසු එතුමා නැඟිට සිටියේය. ඔවුන් ජාහිලියා කාලයේ දේවල් සිහිපත් කරමින් ඒවා ගැන කතා කරමින් සිනහ සෙමින් හා මද සිනහ පාමින් සිටියහ.   صحيح - رواه مسلم
explain-icon

විවරණය

ෆජ්ර් සලාතය ඉටු කළ විට හිරු ඉහළට නැගෙන තුරු සලාත් කළ එම ස්ථානයේම වාඩි වී සිටීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සුන්නාවකි. එතුමාණන් ෆජ්ර් සලාතය ඉටු කළ ස්ථානයෙන්, හිරු උදාවන තුරුම නැගිට ගියේ නැත. එතුමාණන් හිරු උදා වූ විට නැගිට සිටියි. සහාබාවරුන් ඉස්ලාමයට පෙර සිදු වූ ඇතැම් සිද්ධීන් පිළිබඳ එහිදී මතක් කරමින් සිනහසෙමින් සිටිති. එවිට එතුමාණෝ නිහඬ ව හිද ඇතැම් විට ඔවුන් සමග එක්ව මද සිනහ පෑහ.

explain-icon

හදීසයේ හරය

  • සුබ්හු සලාතයෙන් පසු හිරු උදාවන තෙක් මෙනෙහි කිරීමත් නිදහසට කරුණක් නොමැති නම් එම ස්ථානයේම වාඩි වී සිටීමත් නිර් දේශ කරනු ලැබේ.
  • නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ උතුම් ගතිගුණ සහ මෘදු බව පිළිබඳ ප්‍රකාශයක්. එතුමාණන් තම සගයන් සමඟ වාඩි වී, ඔවුන්ගේ කතා සහ කියමන්වලට සවන් දී, ඔවුන් දෙස සිනාසෙමින් සිටියේය.
  • මස්ජිදය තුළ කතා කිරීමේ හා අඥාන යුගයේ සිදු වූ සිදුවීම් පිළිබඳ මෙනෙහි කිරීමේ අවසරය.
  • සිනහසීමේ හා මද සිනහපෑමේ අවසරය. තහනම් කරනු ලැබ ඇත්තේ අතිෂයොක්තියෙන් සිනහසීමය.
explain-icon

අමතර