ප්‍රදේශයක අල්ලාහ්ට වඩාත්ම ප්‍රියමනාප ස්ථානය මස්ජිද් වේ. මක්නිසාදයත් ඒවා නැමදුම් කිරීමේ නිවෙස් වන බැවිනි. ඒවා ස්ථාපනය කර ඇත්තේ භක්තියෙන් යුතුව ය. එමෙන්ම ප්‍රදේශයේ අල්ලාහ්ට වඩාත් පිළිකුල් සහගත ස්ථාන එහි ඇති කඩසාප්පු වේ. මක්නිසාදයත් බොහෝ වේලාවට එම ස්ථානවල වංචාව, දූෂණය, පොලිය, බොරු දිවුරුම්, ප්‍රතිඥා කඩ කිරීම් හා අල්ලාහ්ව මෙනෙහි කිරීමට බාධා පමුණුවන අවස්ථාවන් විය හැකි බැවිනි.