නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මස්ජිද්වල මිනිසුන් එකිනෙකා අලංකාරය ප්‍රදර්ශනය කර ගන්නා තෙක් අවසන් හෝරාව පැමිණෙන්නේ නැත." صحيح - رواه أبو داود والنسائي وابن ماجه
explain-icon

විවරණය

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සමීපව ඇති බවට හා මෙලොව අවසන් වන බවට පවතින සළකුණක් නම්, මිනිසුන් මස්ජිද් තුළ ඒවායෙහි අලංකාරය හුවා දක්වමින් එකිනෙකා ආඩම්භර වීම ය. එසේ නැතහොත් මස්ජිදය තුළ අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් තොරව ඔවුන්ගේ ලෞකික කටයුතු ගැන පුරසාරම් දොඩමින් එකිනෙකා කතා කිරීම ය.

explain-icon

හදීසයේ හරය

  • දේවස්ථාන (මස්ජිදයන්) ගැන පුරසාරම් දෙඩීම තහනම් කර ඇති අතර එය පිළිගත නොහැකි ක්‍රියාවකි. මන්ද එය දෙවියන් වහන්සේ උදෙසා නොකළ බැවිනි.
  • තීන්ත ආලේප කිරීම, වර්ණ ගැන්වීම, කැටයම් කැපීම සහ ලිවීම වැනි දෑ තුළින් මස්ජිදයන් අලංකාරවත් කිරීම තහනම් කර ඇත. මන්ද ඒ දෙස බලන විට සලාත් ඉටු කරන්නන්ගේ අවධානය වෙනතකට යොමු කරන බැවිනි.
  • අස්-සින්දි තුමා පැවසීය. "මෙම හදීසය එතුමා සත්‍යවාදී බව සනාථ වන හදීස් වලින් එකක් වන අතර එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ විස්මිත ප්‍රාතිහාර්යයන්ගෙන් එකකි."
explain-icon

අමතර