explain-icon

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඇතැම් අවස්ථාවල වුළූ දෝවනය කළ විට, වුළූහි සෑම අවයවයක්ම වරක් බැගින් සෝදා හරියි. එතුමාණන් මුහුණ සෝදයි -කට හා නාසය සේදීම ද ඒ සමග වෙයි- දෑත් හා දෙපා ද වරක් බැගින් සෝදයි. මෙය වුළූහි අනිවාර්යය ප්‍රමාණයයි.

explain-icon

හදීසයේ හරය

  • වුළූ හි අවයව වරක් බැගින් සේදීම අනිවාර්යය වේ. ඊට අමතරව කිරීම සතුටුදායක වේ.
  • ඇතැම් අවස්ථාවල වරක් බැගින් වුළූ දෝවනය කිරීම ආගමානුගත කරනු ලැබූවකි.
  • හිස මස්හ් කිරීම හෙවත් තෙත් අතින් හිස පිරිමැදීම ද එක් වරක් පමණක් ආගමානුගත කරනු ලැබූවකි.
explain-icon

අමතර