අබ්දුල්ලාහ් ඉබ්නු සෙzයිද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරයි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වුළූ ගත් සැටි තමන් දුටු බව මතක් කරමින් මෙසේ පැවසූහ. එතුමා වුළූ ගත්හ. කට කළත්වා සෝදා හැරියහ. පසුව නාසය සූරා පිරිසිදු කළහ. පසුව එතුමාගේ මුහුණ තුන් වරක් ද එතුමාගේ දකුණත තුන් වරක් ද අනෙක ද තුන්වරක් ද සෝදා හැරියහ. එතුමාගේ අතෙහි ඉතිරි දැයින් නොවන (වෙනත්) ජලය උපයෝගි කර ගනිමින් එතුමාගේ හිස පිරිමැද්දාහ. එතුමාගේ පාද දෙක පිරිසිදු වන තෙක් සෝදා හැරියහ. පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

අබ්දුල්ලාහ් ඉබ්නු සෙzයිද් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වුළූ ගත් ආකාරය පිළිබඳව මෙසේ දන්වා සිටියේය. සැබැවින්ම එතුමාණෝ වුළූ ගත්හ. එතුමාගේ කට තුළට ජලය යවා පසුව එය කළත්වා එළියට බැහැර කළහ. පසුව එතුමාගේ නාසය තුළට ද ජලය යවා පිරිසිදුකොට බැහැර කළේය. පසුව මුහුණ තුන් වරක් සේදූහ. පසුව එතුමාගේ දකුණත වැළමිට දක්වා තුන් වරක් සේදූහ. පසුව වමතද වැළමිට දක්වා තුන් වරක් සේදූහ. පසුව අලුත් ජලයකින් ඔහුගේ හිස පිරිමැද්දාහ. පසුව එතුමාගේ පාද දෙක ද එහි කිලිටි ඉවත් වන තුරුම වළලු කර දක්වා සෝදා හැරියහ.