මුගීරා ඉබ්නු ෂුඃබා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වුළූ ධෝවනය සිදු කළහ. එතුමාගේ නළලින් ආරම්භ කොට ජටාව මත පිරිමැද්දාහ. එමෙන්ම මේස් සපත්තු මත ද පිරි මැද්දාහ.” පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

මුගීරා ඉබ්නු ෂුඃබා (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වා සිටියි. “සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එතුමාගේ නළල මත පිරිමැද්දාහ. එනම් එය හිසෙහි කෙස් වැවෙද ඉදිරි කොටසයි. පසුව ජටාව මත සම්පූර්ණයෙන්ම පිරිමැද්දාහ. එතුමා හිසෙහි කොටසක් මත පමණක් පිරිමැදීම සීමා කළේ නැත. ජටාව මත මුළුමණින්ම පිරිමැදීම සම්පූර්ණ කළහ. මෙම හදීසයේ හා වෙනත් හදීස්වල සඳහන් පරිදි මේස් සපත්තු දෙක පිරිමැදීම ද සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පෙන්වූ මග පෙන්වීමකි.