නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මක්කාවේ සිට මදීනාව දක්වා තම සහාබාවරුන් සමග ගමන් ගත්හ. ඔවුන් එන මාර්ගයේ ජලය හමු වූහ. ඇතැම් සහාබාවරු අසර් සලාතය සඳහා කඩිමඩියේ වුළු ගන්නට ආරම්භ කළහ. ඔවුන්ගේ පාදවල ජලය නොතැවරුණු වියළී ගිය තැන් ද දකින්නට විය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වුළූ ගන්නා අවස්ථාවේ පසුපස පාද සේදීමේදී අඩුපාඩු ඇති කළවුනට අපා ගින්නේ විනාශය හා දඬුවම අත්වේවා යැයි පවසා වුළූ දෝවනය සම්පූර්ණ කිරීමේදී පූර්ණවත්ව ඉටු කරන මෙන් ඔවුනට නියෝග කළහ.