කිසිවකු හෝ නින්දෙන් අවදි වූ විටෙක, තම නාසය තුන් වරක් පිරිසිදු කර ගන්නා මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිරි ගන්වා ඇත. 'ඉස්තින්සාර්' යනු, නාසය තුළට ජලය දමා එය සීරා බැහැර කිරීමය. ඊට හේතුව සැබැවින්ම ෂෙයිතාන් නාස්පුඩුවෙහි රාත්‍රිය ගත කරන බැවිනි. එය සමස්ත නාසය වේ.