දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ගේ මෑණිය වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී: "අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙනත් දිනවල උනන්දුවෙන් කටයුතු නො කළ ආකාරයට අවසන් දින දහයේ උනන්දුවෙන් යුතුව කටයුතු කරන්නට වූහ." صحيح - رواه مسلم
explain-icon

විවරණය

රමළාන් මාසයේ අවසන් දින දහය උදා වූ විටෙක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නැමදුම්වල හා අවනතභාවයේ කටයුතුවල කැපවීමෙන් යුතුව නිරත වූහ. විවිධ යහපත් ක්‍රියාවන්හි හා දැහැමි කටයුතුවල දී අතිශයෝක්තියෙන් කටයුතු කළහ. වෙනත් දිනවලට වඩා අධික ලෙස නැමදුම්වල නිරත වූහ. එය එම රාත්‍රියන්හි මහිමය අති උතුම් බැවින් හා ලෙයිලතුල් කද්ර් රාත්‍රිය සොයමිනි.

explain-icon

හදීසයේ හරය

  • පොදුවේ රමළාන් මාසයේ හා විශේෂයෙන් එහි අවසන් දින දහයේ යහපත අධිකව කිරීමටත්, නැමදුම් කටයුතු වල නිරත වීමටත් උනන්දු කරවීම.
  • රමළාන් අවසන් දින දහය එහි විසිඑක් රාත්‍රියේ ආරම්භ වී මාසයේ අවසානය දක්වා පවතී.
  • ඉතා උතුම් වේලාවන් නැමදුම සඳහා යොදා ගැනීම සතුටුදායකය.
explain-icon

අමතර