අබූ සඊද් අල් කුද්රි -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමාණෝ රමළාන් මාසයේ මැද දින දහයේ ඉඃතිකාෆ් හෙවත් මස්ජිදයේ රැඳී සිටියහ. එවිට පොදු ජනයා ද ඉඃතිකාෆ්හි රැඳී සිටියහ. එසේ 21 වැනි දින රාත්රියය දක්වාම විය. (එය උදෑසන තම ඉඃතිකාෆ් හි සිට පිටත් වන රාත්රිය විය.) එවිට එතුමාණෝ “කවරෙකු මා සමග ඉඃතිකාෆ් සිටියේ ද ඔහු අවසන් දින දහයේ ද ඉඃතිකාෆ් සිටිත්වා! හේතුව සැබැවින්ම එම රාත්රිය මට පෙන්වන ලදී. පසු ව එය මට අමතක කරන ලදී. එහි උදෑසන ජලය හා වැලි මත මම සුජූද් කරනු දුටුවෙමි. එබැවින් අවසන් දින දහයේ එය නුඹලා සොයාගනු. සෑම ඔත්තේ දිනයකම එය සොයනු“ යැයි පැවසූහ. එවිට එදින රාත්රියේ අහසින් වැසි ඇද වැටිණ. මස්ජිදය අතු සෙවිලි කරන ලද්දක් විය. මස්ජිදය ජලයෙන් තෙත් වින. 21 වැනි දින සුබ්හු කාලයේ අල්ලාහ්ගේ දූතයාණන්ගේ නළල මත ජලය හා වැලි තිබෙනු මාගේ ඇසින් දුටුවෙමි. පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

අබූ සඊද් අල් කුද්රි -රළියල්ලාහු අන්හු- තුමා මෙසේ දන්වා සිටියි.නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමාණෝ රමළාන් මාසයේ ලය්ලතුල් කද්ර් රාත්රිය අපේක්ෂාවෙන් මැද දින දහයේ ඉඃතිකාෆ් හෙවත් මස්ජිදයේ රැඳී සිටියහ. එතුමාගේ සිරිත මෙන්ම ජනයා ද ඉඃතිකාෆ්හි රැඳී සිටියහ. එසේ 21 වැනි දින රාත්රිය දක්වාම විය. එය උදෑසන තම ඉඃතිකාෆයෙන් පිටත් වන රාත්රිය විය. පසුව එතුමාණන්ට සැබැවින්ම ලය්ලතුල් කද්ර් රාත්රිය අවසන් දින දහයේ පිහිටා ඇති බව දැනගන්නට විය. පසුව එතුමාණෝ: කවරෙකු මා සමග මැද දින දහයේ ඉඃතිකාෆ් සිටියේ ද ඔහුගේ ඉඃතිකාෆය තව දුරටත් පිළිපදිත්වා අවසන් දින දහයේ ඔහු ඉඃතිකාෆ් සිටිත්වා යැයි පැවසූහ. සැබැවින්ම අල්ලාහ් එය එතුමාට සිහිනෙන් පෙන්වූ බවත් පසුව එය අමතක කරනු ලැබු බවත් නමුත් සිහිනෙන් එම වසරේ සලකුණු දුටු බවත් දන්වා සිටියේය. එය සුබ්හු සලාතයේදී දිය මත හා වැල්ල මත එතුමා සුජූද් කිරීමය. පසුව අල්ලාහ් නබි තුමාණන්ගේ සිහිනය සැබෑ කළේය. 21 වැනි රාත්රියේ අහසින් වැසි ඇද වැටිණ. එතුමාගේ මස්ජිදය ශාලාවක හැඩයෙන් ඉදි කරන ලද ගොඩනැගිල්ලක් විය. එහි කණු ඉඳි ගස්වල කඳන් විය. එහි වියන ඒවායෙහි කොළවලින් විය.මස්ජිදයේ වර්ෂාවේ සලකුණු රැඳි තිබිණ. ඒ අනුව 21 වැනි දින සුබ්හු කාලයේ අල්ලාහ්ගේ දූතයාණන්-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ජලයේ හා වැල්ලේ සුජූද් කරන්නට විය. තය්සීරුල් අල්ලාම් (පිටුව 349) තන්බීහුල් අෆ්හාම් (වෙළුම 3/472) තඃසීසුල් අහ්කාම් (3/292)

explain-icon

අමතර