රමළාන් මාසයේ අවසන් දින දහයේ ඉඃතිකාෆ් හෙවත් මස්ජිදයේ රැඳී සිටීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අනිවාර්යය කර ගත් බව මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය දන්වා සිටියාය. එය ලයිලතුල් කද්ර් හෙවත් බලගතු රාත්‍රිය සෙවීම පිණිසය. අල්ලාහ් එතුමාණන්ව අත්පත් කර ගන්නා තුරුම එතුමාණෝ එලෙස කටයුතු කර ඇත්තාහ. එතුමාණන්ගෙන් පසු එතුමාණන්ගේ බිරින්දෑවරු එසේ මස්ජිදයේ ඉඃතිකාෆ් සිටීම අනිවාර්යය කර ගත්හ.