නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සෑම රමළාන් මාසයකම අල්ලාහ් නැමදීම සඳහා දින දහයක් වෙන්කර ගනිමින් මස්ජිදයේ ලැඟුම් ගත්හ. ලයිලතුල් කද්ර් රාත්රිය හිමි කර ගැනීමේ ආශාවෙන් එහි මැද දින දහයේ ඉඃතිකාෆ්හි නිරතවුණු අතර සැබැවින්ම එම රාත්රිය එහි අවසන් දින දහයේ ඇති බව දැනගත් කල්හි එහි ඉඃතිකාෆ්හි නිරත වන්නට පටන් ගත්හ. පසුව එතුමා මිය ගිය වසරේ අමතර වශයෙන් අල්ලාහ් වෙත සමීප වන්නටත් ඔහුට අවනත වන්නටත් දින විස්සක් ඉඃතිකාෆ් සඳහා වෙන් කළහ.