අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “නුඹලා කද්ර් රාත්‍රිය රමළාන් මාසයේ අවසන් දින දහයේ ඔත්තේ දිනයන්හි සොයන්න" صحيح - متفق عليه
explain-icon

විවරණය

අධික ලෙස නැමදුම්වල නිරත වනු පිණිස ලයිලතුල් කද්ර් හෙවත් බලගතු රාත්‍රිය සෙවීම, ඒ ගැන විමසිල්ලෙන් සිටීම එය ලබන්නට කැපවීම සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිරි ගන්වා ඇත. එය බොහෝ දුරට සෑම වසරකම රමළාන් මාසයේ අවසන් දින දහයේ ඔත්තේ දිනයන්හි පිහිටනු ඇත. එනම්: විසි එක, විසි තුන, විසි පහ, විසි හත, සහ විස නව යන දිනයන් වේ.

explain-icon

හදීසයේ හරය

  • ලෙයිලතුක් කද්ර් හෙවත් නියමයන් තීන්දු කරනු ලබන බලගතු රාත්‍රියේ මහිමය හා එය සෙවීමට උනන්දු කිරීම.
  • අල්ලාහ්ගේ ප්‍රඥාව හා ඔහුගේ ආශිර්වාදය නම්, නැමදුම තුළ මිනිසා අධික ලෙස කැපවනු පිණිස එම රාත්‍රිය සඟවා තිබීම ය. එය ඔවුන් එය සොයනු පිණිසය. එහිදී ඔවුන්ගේ කුසල් වැඩි වී යනු ඇත.
  • රමළාන් මාසයේ අවසන් දින දහයේ ලයිලතුල් කද්ර් රාත්‍රිය පිහිටා ඇත. ඒ ගැන වඩාත් බලාපොරොත්තු තැබිය හැක්කේ එහි ඔත්තේ දිනයන්හිය.
  • ලයිලතුල් කද්ර් රාත්‍රිය රමළාන් මාසයේ අවසන් දින දහයේ එක් රාත්‍රියට පිහිටා ඇත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත අල්ලාහ් අල් කුර්ආනය පහළ කළේ එම රාත්‍රියෙහිය. එම රාත්‍රියෙහි පිහිටා ඇති සමෘද්ධිය, එහි පිහිටා ඇති බලගතු භාවය හා එහි සිදුකරන යහකම්වල ප්‍රතිඵලය අනුව එය මාස දහසකට වඩා ශ්‍රේෂ්ට රාත්‍රියක් බවට නියම කර ඇත.
  • එය "ලයිලතුල් කද්ර්" (බලගතු රාත්‍රිය) යන නමින් නම් කෙරී ඇත්තේ, එක්කෝ එහි ඇති මහිමය අනුවය. මිනිසා බලගතු අයෙක් යැයි පවසනු ලැබේ. එසේ රාත්‍රිය එකතු කිරීම එහි ගුණාංගය සම්බන්ධයෙන් යමක් එකතු කිරීමට වඩා ඉහළ ය. එනම් එය ගෞරවණීය රාත්‍රියයි. එය මහිමයෙන්, අභිමානයෙන් හා එහි නිලයෙන් එහි අවසානය දක්වාම බලගතු රාත්‍රියකි. (සැබැවින්ම අපි සමෘද්ධිමත් රාත්‍රියක එය පහළ කළෙමු.) (අද්-දුකාන්: 3) එසේ නැතහොත් එහි ඇති තක්සේරුව අනුවය. එසේ ඒ වෙත මෙය එකතු කිරීමෙන් වනුයේ එහි අන්තර්ගත කරුණු එකතු කිරීමෙනි. එනම්, වසරේ ක්‍රියාත්මක වීමට නියමිත දෑ තක්සේරු කරන රාත්‍රියයි. (එහි දී සෑම ප්‍රඥාවන්ත තීන්දුවක්ම වෙන් කරනු ලැබේ.) (අද්-දුකාන්: 4)
explain-icon

අමතර