නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මිතුරන් අතුරින් මිනිසුන් කිහිප දෙනෙකුට රමළාන් මාසයේ අවසන් (භාගයේ) හත් වන රාාත්‍රියේ කද්ර් රාත්‍රිය සිහිනෙන් දැක තිබුණි. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) “නුඹලාගේ සිහිනය මට ද පෙන්වන ලදී. එය රමළාන් මාසයේ අවසන් භාගයේ හත්වැනි දිනට අනුගත විය. එහෙයින් කවරෙකු එය අපේක්ෂා කරන්නේ ද, එය සොයන්නට ප්‍රිය කරන්නේ ද ඔහු එය සොයන්නටත් එහි වැඩිපුර නැමදුම් කටයුතුවල නිරත වන්නටත් කැපවිය යුතුයි. එය බොහෝ දුරට පිහිටනුයේ අවසන් දින දහයේ හත්වන දිනයේය. රමළාන් මාසය දින තිහකින් සමන්විත නම් එය ආරම්භ වනුයේ විසි හතරවැනි රාත්‍රියේ සිටය. එම මාසය දින විසි නවයකින් සමන්විත නම් විසි තුන්වන රාත්‍රියේ ආරම්භ වනු ඇත.