අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ අය්යූබ් අල් අන්සාරි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “ඔබ මලපහ කිරීමට පැමිණෙන විට, කිබ්ලා දිසාවට මුහුණලා ‌නො සිටින්න. තවද එයට පසුපසලා ද නො සිටින්න. නමුත් නැගෙනහිර දෙසට හෝ බටහිර දෙසට හෝ හැරෙන්න.” අබූ අය්යූබ් තුමා තවදුරටත්: “අපි සිරියාවට පැමිණියෙමු. එහි කඃබා දෙසට මුහුණ ලා තනන ලද වැසිකිළි අපි දුටුවෙමු.‍ එවිට අපි අපගේ ශරීර කිබ්ලා දිශාවෙන් වෙනතකට හරවා සිටියෙමු. තවද අල්ලාහ්ගෙන් සමාව අයැද සිටියෙමු.” යැයි පැවසීය. صحيح - متفق عليه
explain-icon

විවරණය

කවරෙකු මලපහ කිරීමට හෝ මූත්‍රා කිරීමට හෝ සිතන්නේ ද ඔහු කඃබා දිශාවෙහි කිබ්ලා දෙසට මුහුණ ලෑම හෝ ඒ දෙසට තම පිටුපස පිහිටන අයුරින් පසුපස ලෑම හෝ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තහනම් කළහ. එමෙන්ම ඔහුගේ කිබ්ලාව මදීනා වැසියන්ගේ කිබ්ලා දිශාව මෙන් පිහිටා තිබේ නම්, ඔහු නැගෙනහිර හෝ බටහිර දිශාවට හැරිය යුතු ය. පසුව අබූ අය්යූබ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වා සිටියේය: ඇත්තෙන්ම ඔවුන් සිරියාවට පැමිණි කල්හි, එහි තම අවශ්‍යතා ඉටු කිරීම සඳහා කඃබා දිශාවට මුහුණ ලා තනන ලද වැසිකිලි දකින්නට විය. එවිට ඔවුහු ඔවුන්ගේ ශරීර කිබ්ලා දිශාවෙන් වෙනතකට හරවා සිටි අතර ඒ සමගම ඔවුහු අල්ලාහ්ගෙන් පාපක්ෂමාව ඉල්ලා සිටියහ.

explain-icon

හදීසයේ හරය

  • මෙහි ප්‍රඥාව වනුයේ කඃබාව උසස් කොට සැලකීම හා එයට ගෞරව කිරීමය.
  • වැසිකිලි කැසිකිලි අවශ්‍යතා ඉටු කළ ස්ථානයෙන් පිටත් වූ පසු ඉස්තිග්ෆාර් හෙවත් පාපක්ෂමාව ඉල්ලා සිටීම.
  • නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ඉගැන්වීමේ තිබූ අලංකාර ය. එතුමාණන් තහනම් කරන ලද දෙයක් කළ කල්හි, ඒ සමගම අනුමත දෙයක් වෙත මඟ පෙන්වා සිටියහ.
explain-icon

අමතර