අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් රකආත් දහයක් හැදෑරුවෙමි. ලුහර් සලාතයට පෙර රකආත් දෙකක් ද ඉන්පසු රකආත් දෙකක් ද; මග්රිබ් සලාතයට පසු තම නිවසෙහි රකආත් දෙකක් ද; ඉෂා සලාතයට පසු තම නිවසෙහි රකආත් දෙකක් ද සුබ්හු සලාතයට පෙර රකආත් දෙකක් ද යනාදියෙනි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත නොපිවිසෙන හෝතරාවක් ද එහි විය. හෆ්සා තුමිය මට මෙසේ පවසා සිටියාය: එතුමාණන් මුඅද්දින් අදාන් පවසා අලුයම උදා වූ විට රකආත් දෙකක් ඉටු කරයි. තවත් වාර්තාවක. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ජුමුආවෙන් පසුව රකආත් දෙකක් ඉටු කරන්නෙකු වූහ." صحيح - متفق عليه بجميع رواياته
explain-icon

විවරණය

අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැහැදිළි කර සිටියේය. මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා විසින් දැන හැදෑරූ රකආත් දහයක් ඇත. ඒවා "අස්-සුනන් අර්-රවාතිබ්" (නිරතුරුව ඉටු කරන අතිරේක සලාත්) යැයි කියනු ලැබේ. ලුහර් සලාතයට පෙර රකආත් දෙකක් හා ඉන් පසු රකආත් දෙකක්, මග්රිබ් සලාතයට පසු තම නිවසෙහි රකආත් දෙකක්, ඉෂා සලාතයට පසු තම නිවසෙහි රකආත් දෙකක්, ෆජ්ර් සලාතයට පෙර රකආත් දෙකක්, සම්පූර්ණ වශයෙන් රකආත් දහයකි. ජුමුආ සලාතය වනාහි, ඉන් පසු රකආත් දෙකක් ඉටු කරනු ලැබේ.

explain-icon

හදීසයේ හරය

  • නිරතුරුව ඉටු කරනු ලබන මෙම රවාතිබ් සලාතයන් ඉටු කිරීමත්, එහි අඛණ්ඩව නිරත වීමත් සතුටු දායකය.
  • නිවසේ සුන්නා සලාතයන් ඉටු කිරීම ආගමානුගත කරනු ලැබූවකි.
explain-icon

අමතර