“සැබැවින්ම ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා අසල්වැසියා සම්බන්ධයෙන් පුන පුනා කියා සිටි බවත් ඔහුට සලකන මෙන් නියෝග කර සිටි බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. අසල්වැසියා යනු තම නිවසට අසළින් සිටින ඥාතී මුස්ලිම්වරයකු හෝ මුස්ලිම් නොවනු අයකු හෝ වේවා එසේ නැතිනම් ඥාතී නොවන අයකු හෝ විය හැක. ඔහුගේ අයිතිය සුරැකීම, ඔහුට හිංසා පීඩා ඇති නොකිරීම, ඔහු සමග ත්‍යාගශීලීව කටයුතු කිරීම, ඔහුගේ කරදර මත ඉවසීමෙන් විඳ දරා ගැනීම යනාදිය තුළින් එය ආරක්ෂා කළ යුතුය. අසල්වැසියාගේ අයිතියට ගරු කිරීම හා ඒ සම්බන්ධයෙන් ජිබ්රීල් (අලෙයිහිස් සලාම්) තුමා පුන පුනා පවසා සිටීම හේතුවෙන් තමන්ගේ මරණයෙන් පසුව අත්හැර දමා යන ධනය අසල්වැසියාට පිරිනමන මෙන් දිව්‍ය පණිවිඩ පහළවේදෝ යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සිතන තරමටම එය විය.