අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “අහෝ අබුදර්! ඔබ ව්‍යාංජනයක් පිසින්නේ නම්, එයට ජලය වැඩියෙන් එකතු කර, එය අසල් වැසියන්ට ද බෙදා දෙන්න.” صحيح - رواه مسلم
explain-icon

විවරණය

ව්‍යාංජනයක් පිසින්නේ නම්, එයට ජලය වැඩියෙන් එකතු කර, ව්‍යාංජනය වැඩි කර අසල් වැසියන් සොයා බලා ඔවුන් අතර ද එය බෙදා දෙන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා අබුදර් අල්-ගිෆාරී (රළියල්ලාහු අන්හු) තුමාව දිරි ගැන්වූහ.

explain-icon

හදීසයේ හරය

  • අසල්වැසියන් සමග යහපත් අයුරින් කටයුතු කිරීමට දිරි ගැන්වීම.
  • අසල්වැසියන් අතර අන්‍යෝන්‍ය ලෙස පරිත්‍යාගශීලීව කටයුතු කිරීම සතුටුදායකය. මක්නිසාදයත් එය සෙනෙහස ඇති කරයි. ආදරය වැඩි කරයි. මිහිරි ආහාර වේලක් තිබුණු විටෙක, අසල් වැසියා අවශ්‍යතාවෙන් පෙළෙන බව දැනගත්තේ නම්, එසේ පරිත්‍යාග කිරීම වඩාත් යෝග්‍යය වන්නේය.
  • යහපත් දෑ හා පහසුකම් ඇති දෑ සුළුවෙන් වුව ද පරිත්‍යාග කිරීමට හා මුස්ලිම්වරුන් අතර සතුට බෙදා හැරීමට උනන්දු කිරීම.