නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිවුරා සිටියහ. "අල්ලාහ් මත දිවුරා කියමි, ඔහු විශ්වාස නොකරන්නේය. අල්ලාහ් මත දිවුරා කියමි, ඔහු විශ්වාස නොකරන්නේය. අල්ලාහ් මත දිවුරා කියමි, ඔහු විශ්වාස නොකරන්නේය." යැයි එතුමාණන්ගේ එම දිවුරුම තුන්වරක් පවසා සහතික කළහ. එවිට සහබාවරුන් විසින් "අල්ලාහ්ගේ දූතයාණනි, විශ්වාස නො කරන්නා කවරෙක් ද? යැයි එතුමාණන්ගෙන් විමසන ලදී. එතුමාණෝ: "තම අසල් වැසියා තම වංචාවෙන්, අපරාධයෙන් හා හිංසනයෙන් ආරක්ෂාව නොලබන්නට කටයුතු කරන තැනැත්තාය." යැයි පැවසූහ.