නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තමන්ව යමන් දේශයට යැවූ බව අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටිමින්, නිෂ්පාදනය කරන ලද පානයක් පිළිබඳව එය තහනම් දැ?යි විමසා සිටිනු ලැබූ අතර නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඒ ගැන විස්තර කළහ. එවිට අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා: එය අල්-බිත්උ: මී පැණි සාරය හා අල්-මිZසරු: බාර්ලි සාරය යනුවෙන් පැවසීය. ඒ වන විට එතුමාණන්ට ජවාමිඋල් කලිම් හෙවත් සංශිප්ත චතුර වදන් මඟින් දේශනය කිරීමේ හැකියාව ලැබ තිබුණි. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පැවසූහ. "මත්බව ඇති කරන සෑම දෙයක්ම හරාම් (තහනම්) වේ."