අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා, තම මවගේ සැමියා වන අබූ තල්හා (රළියල්ලාහු අන්හු) තුමාගේ නිවසේ සිටින උදවියට මත්පැන් සැපයීමේ කාර්යයේ තමන් යෙදී සිටි බවත්, එකල ඔවුන්ගේ බීම වර්ග රට ඉඳි වලින් පෙරන ලද දෑ වූ බවත්, එය රට ඉඳියෙන් හා ගැට රට ඉඳියෙන් මුසු වී තිබිය බවත් දන්වා සිටියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) නිවේදකයකු මෙසේ නිවේදනය කර සිටියේය. "දැනගන්න! මත්පැන් තහනම් කරන ලදී." එතුමා තවදුරටත් මෙසේ පැවසීය. එවිට අබු තල්හා මා දෙස බලා, "ඔබ එළියට ගොස් එය හළා දමන්න. විසිකර දමන්න" යැයි මට අණ කළේය. පසුව මම එළියට ගොස් එය හළා දැමුවෙමි. විසි කර දැමුවෙමි. එය මදීනාවේ වීදිවල ඒ මත්පැන් ගලා යන්නට විය. එවිට ඇතැම් පිරිස්, "මත්පැන් බඩ තුළ තිබිය දීම, එය තහනම් කිරීමට පෙර නබි සහගාමීන් අතරින් පිරිසක් ඝාතනය කරනු ලැබ ඇතැ"යි පවසා සිටියේය. එවිට අල්ලාහ් මෙසේ පහළ කළේය. "විශ්වාස කර යහපත් ක්‍රියාවන් කරන අයට ඔවුන් (අතීතයේ) ඔවුන් භුක්ති විඳි දෑ සම්බන්ධයෙන් වරදක් නැත." (අල්-මාඉදා: වාක්‍ය 93) එනම්: මත් පැන් තහනම් කිරීමට පෙර ඒවා රස විඳිමින් පානය කළ දෑහි පාපය දේවත්වය විශ්වාස කළවුන් මත පිහිටන්නේ නැත.