මදීනාවේ යුදෙව්වන් අතර බනූ කුරෙයිළා සහ බනූ අන්-නළීර් නම් කණ්ඩායම දෙකක් වුහ. එම කණ්ඩායම් දෙකෙන් එකක් අනෙකා මත ආධිපත්‍යය දරමින් ඉක්මවා කටයුතු කළේය. ඒ අනුව ආධිපත්‍ය දරණ ප්‍රබූවරයෙක් යටත්ව සිටින පහත් අයකු ඝාතනය කළේ නම් ඒ සෑම ඝාතනයකටම 'වසක්' පනහක වන්දියක් පමණක් ගෙවීමට ද දුර් වල පහත් අයෙක් ප්‍රබූවරයකු ඝාතනය කළේ නම් එවන් සෑම ඝාතනයකටම වසක් සියයක වන්දියක් ගෙවීමට තීරණය කර එය අනුගමන කළෝය. වසක් සියයක් යනු සාඃ හැටකි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හිජ්රත් කර මදීනාවට පැමිණෙන තෙක්ම ඔවුන් ඒ මතම පදනම්ව සිටියහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පැමිණීමෙන් එම කණ්ඩායම් දෙකම එතුමාණන්ට යටත් වූහ. ඒවනවිට, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තම සතුරන් පරාජය කර නොතිබූ අතර, ඔවුන්ට තමාට කීකරු වීමට බල කර නොතිබුණි. මන්ද එය හිජ්රත් කළ ආරම්භක අවදිය වූ අතර එතුමා සාම ගිවිසුම් තත්වයක සිටියේය. ඉතින් පහත් අයකු විසින් ප්‍රභූ වරයෙක් ඝාතනය විය. එවිට ප්‍රභූ පැළැන්තිය පහත් පැළැන්තිය වෙත තමන් එකඟ වූ පරිදි වසක් සියයක් තමන්ට ගෙවන මෙන් පණිවිඩයක් එවීය. එවිට පහත් උදවිය "මෙවැන්නක් මෙම ප්‍රදේශ දෙකේ කවදා හෝ සිදු වී තිබේ ද? ඔවුන් දෙපිරිසේ ආගම එකක් විය. පරම්පරාව ද එකක් විය ඔවුන්ගේ දේශය ද එකක් විය. නමුත් ඔවුන් ඇතැමුන්ගේ වන්දිය තවත් සමහරුන්ගේ වන්දිය මෙන් අඩකි? අපි ඔබට මෙය ලබා දුන්නේ ඔබ අපට කළ අසාධාරණය නිසාත්, ඔබට ඇති බිය නිසාත් පමණි. මුහම්මද් පැමිණියේ නම්, කිසිවිටෙකත් අපි මෙය ඔබට ලබා දෙන්නේ නැත." යැයි පැසුවෝය. ඔවුන් අතර යුද්ධයක් ඇති වීමට ආසන්න විය. පසුව ඔවුන් අතර විනිශ්චය කිරීමට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) හට ඉඩ දෙන්නට ඔවුන් තීරණය කළහ. එවිට ප්‍රභූවරු කල්පනා කර මෙසේ පැවසූහ: "අල්ලාහ්ගේ නාමයෙන්, මුහම්මද් ඔබෙන් ඔවුන්ට දෙන දෙය මෙන් දෙගුණයක් ඔබට ඔවුන්ගෙන් ලබා නොදෙනු ඇත. ඔවුන් සත්‍යය කතා කර ඇත. ඔවුන් අපට මෙය ලබා දුන්නේ අපගේ පැත්තෙන් අයුක්තිය සහ ඔවුන්ට පීඩාවක් වීම නිසාය. එබැවින් මුහම්මද් වෙත ඔහුගේ මතය ඔබට ගෙන ඒමට රහසිගතව කෙනෙකු යවන්න. ඔහු ඔබට ඔබ සිතන දේ ලබා දෙන්නේ නම්, ඔබ ඔහුව විනිශ්චය කිරීමට පත් කර ගන්න. ඔහු ඔබට ඔබ කැමති දේ ලබා නොදුනහොත්, ඔබ අතර විනිශ්චය කිරීමට ඔහුට ඉඩ නොදී ඔහුව අත්හැර දමන්න." ඒ අනුව අල්ලාහ්ගේ දූතයාණන් වෙත රහසිගතව කුහකයින් අතර පිරිසක් යැවීය. එය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ අදහස කුමක් දැයි දැනගනු පිණිසය. ඔවුන් අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණි අවස්ථාවේ අල්ලාහ් දිව්‍ය පණිවිඩය පහළ කර ඔවුන්ගේ සියලු කරුණු හා ඔවුන්ගේ අදහස් එතුමාණන්ට දැනුම් දුන්නේය. සර් වබලධාරී අල්ලාහ් සූරා අල්-මාඉදා හි මෙසේ පහළ කළේය. "අහෝ දූතය! අපි විශ්වාස කළෙමු යැ යි ඔවුන්ගේ මුඛ වලින් පවසා ඔවුන්ගේ හදවත් විශ්වාස නොකළවුන් හා යුදෙව් වූවන් අතරින් දේව ප්‍රතික්ෂේපයේ යුහුසුලු ව ක්‍රියා කරන්නන් නුඹ ව දුකට පත් නොකළ යුතුය. (අල්-මඉදා: 41) "... අල්ලාහ් පහළ කළ දෑ අනුව කවරෙකු තීන්දු ලබා නො දුන්නේ ද එවිට ඔවුහු මය දුෂ්ඨයෝ." (අල්-මාඉදා: 47) වන පාඨය දක්වා. පසුව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා මෙසේ පවසා සිටියේය. "...කවරෙකු අල්ලාහ් පහළ කළ දැයින් තීන්දු ලබා නොදුන්නේ ද එවිට ඔවුහුමය දේව ප්‍රතික්ෂේපකයෝ." (අල්-මාඉදා: 44) තවදුරටත් "...එවිට ඔවුහුමය අපරාධකරුවෝ." (අල්-මාඉදා: 45) තවදුරටත් "... එවිට ඔවුහුමය දුෂ්ඨයෝ." (අල්-මාඉදා: 47) යන පාඨ පහළ විය සර්ව බලධාරී අල්ලාහ් ඉන් අදහස් කළේ එම පිරිස් දෙක සම්බන්ධයෙනි.