"... තවද සාපරාධී ලෙසින් එහි කෙලසීමට කවරෙකු සිතන්නේ ද එවැනි ඔහුට වේදනීය දඬුවමකින් භුක්ති විඳින්නට අපි සලස්වමු." (අල්-හජ්: 25) යන සර්වබලධාරී අල්ලාහ්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: හෙතෙම මෙසේ පවසා සිටියහ: සැබැවින්ම කිසියම් හෝ මිනිසකු සිතේ යමක් ඇති කරගනිමින් ශුද්ධ වූ මක්කා දේශය තුළ ඔබට කතා කිරීමට තහනම් කර ඇති දෙයක් හෝ චේතනාන්විත මිනිස් ඝාතනයක් හෝ වේවා එවැනි නපුරු ක්‍රියාවක් සිදු කිරීමට අපේක්ෂා කළේ නම් සැබැවින්ම එය සාපරාධී කටයුත්තකි. යමන් දේශයේ අද්න් නගරයේ ඔහු එසේ අධිෂ්ඨාන කර ගත්තත්, ඔහු එය සිදු නොකළ ද ඒ හේතුවෙන් වේදනීය දඬුවමක් අල්ලාහ්ගෙන් ලබන්නට ඔහු සුදුස්සෙකු වන්නේය. එහිදී සිතීම ද ප්‍රමාණවත්ය.