නියත වශයෙන්ම සර්ව බලධාරී අල්ලාහ් පවසා ඇති බවට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ 'හදීසුල් කුද්සි' හෙවත් දිව්‍ය ප්‍රකාශ ඇතුළත් හදීසයක මෙසේ දන්වා සිටියහ. යමෙක් මාගේ වලි (මිතුරා) ට සතුරුකම් කළේ නම්, ඔහු සමග කෝප වූයේ නම්, ඔහු සමග ක්‍රෝධය ඇති කර ගත්තේ නම්, මම ඔහුට විරුද්ධ වන බව ප්‍රසිද්ධියේ මා දන්වා සිටිමි. වලී යනු: ශ්‍රද්ධාවන්ත දේව විශ්වාසියාය. ගැත්තා සතු දේව විශ්වාසයේ හා ශ්‍රද්ධාවේ තරමට අල්ලාහ්ගේ මිතුරුකමේ තම පංගුව පිහිටනු ඇත. මුස්ලිම්වරයා තම පරමාධිපති ඔහුට නියම කළ හා ඔහුට අනිවාර් යය කළ අවනතවීම් සිදු කරමින් හා තහනම් දැයින් වැළකෙමින් ඔහුට වඩාත් ප්‍රියමනාප කටයුතු තුළින් ඔහුට සමීප වෙයි. අල්ලාහ්ගේ ආදරය ලබන තුරු ඔහු අනිවාර්යය කටයුතු සමග අතිරේක ක්‍රියාවන් තුළින්ද ඔහු වෙත සමීප වෙමින්ම සිටියි. එසේ අල්ලාහ් ඔහුව ප්‍රිය කළ විට, පහත සඳහන් අවයව තුළිින් මෙහෙයවන්නෙකු ලෙස ඔහු පෙනී සිටියි. ඔහුගේ ශ්‍රවණය තුළින් ඔහුට උපකාර කරයි. එබැවින් අල්ලාහ් ප්‍රිය කරන දෑ හැර වෙනත් කිසිවකට ඔහු සවන් නොදෙයි. ඔහු දකින ඔහුගේ බැල්ම තුළින් උපකාර කරයි. එබැවින් අල්ලාහ් බලන්නට ප්‍රිය කරන, තෘප්තියට පත්වන දෑ වෙත හැර වෙනත් කිසිවක් දෙස ඔහු බලන්නේ නැත. ඔහුගේ අතෙහි ඔහුට උපකාර කරයි. එහෙයින් අල්ලාහ් සතුටු වන දෑ මිස වෙනත් කිසිවක් ඔහුගේ අතින් සිදු නොකරයි. තවද ඔහු ගමන් කරන ඔහුගේ පාදය තුළින් ද උපකාර කරයි. එහෙයින්, අල්ලාහ් සතුටු වන දෑ වෙත මිස වෙනත් දෙයක් දෙසට ගමන් කරන්නේ නැත. යහපත ඇති දෑ වෙත මිස වෙනත් කිසිවක් තුළිින් කැප වන්නේ නැත. ඒ සමගම ඔහු අල්ලහ්ගෙන් යමක් ඉල්ලා සිටියේ නම්, සැබැවින්ම අල්ලාහ් එය ඔහුට පිරිනමනු ඇත. ඔහුගේ ප්‍රාර්ථනාවට පිළිතුරක් බවට පත්වනු ඇත. අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතා ඔහු වෙත යොමු වූයේ නම් සැබැවින්ම ශුද්ධ වූ අල්ලාහ් ඔහුට රැකවරණය දෙනු ඇත. ඔහු බියවන දැයින් ඔහුව මුදවාලනු ඇත. පසුව උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීය: මම ඔහුට සිදු කරන දෑ පිළිබඳ මම පසුබට නොවෙමි. නමුත් කරුණාවක් ලෙස දේව විශ්වාසියාගේ ආත්මය මා අත්පත් කර ගැනීම ගැන මම පසුබට වෙමි. හේතුව ඔහු මරණයේ දී පීඩා විඳීම ඔහු පිළිකුල් කරන බැවින් හා දේව විශ්වාසියාට අත්වන වේදනාව ගැන අල්ලාහ් පිළිකුල් කරන බැවිනි.