සහගාමීන් පිරිසක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ බිරියන් වාසය කළ නිවෙස් වෙත පැමිණ එතුමාණන් නිවසෙහි රහසේ සිදු කරන නැමදුම් ක්‍රියාවන් පිළිබඳ විමසා සිටියෝය. ඔවුනට ඒ ගැන තොරතුරු දන්වා සිටි කල්හි, ඔවුන් එකිනෙකා පවසන්නට ගෙන මෙසේ පැවසූහ: "නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දෙස බලන විට, අපි සිටින්නේ කොහේ ද? හෙතෙම පෙර කළ හා පසු කරන පාපයන් සඳහා සමාව දෙනු ලැබූවෙකි. ඊට ප්‍රතිවිරුද්ධ ලෙසින්, සමාව ලැබේවි දැයි නොදන්නා අය එය ලබා ගැනීම සඳහා නැමදුමෙහි අතිශයෝක්ති ලෙස නිරත විය යුතුය." එවිට ඔවුන්ගෙන් කෙනෙක්: 'මම කාන්තාවන් විවාහ කර නොගනිමි' යැයි පැවසීය. ඔවුන්ගෙන් තවත් කෙනෙක්: 'මම මස් අනුභව නොකරමි' යැයි පැවසීය. තවත් කෙනෙක්: 'මම ඇතිරිල්ලක නො නිදමි' යැයි පැවසීය. පසුව එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට දැන ගන්නට ලැබුණි. එවිට එතුමා කෝපයට පත්ව, ජනයා අතර දේශනාවක් ඉදිරිපත් කරමින් අල්ලාහ්ට ප්‍රශංසා කොට ඔහු පැසසුමට ලක් කොට මෙසේ පැවසූහ. ‘මේ මේ අයුරින් ප්‍රකාශ කළ පිරිසට කුමක් වී තිබේ ද? අල්ලාහ් මත දිවුරා සිටිමි. සැබැවින්ම මම ඔබට වඩා අල්ලාහ්ට බිය බැතිමත් අයෙකි. නමුත් මම රාත්‍රියේ නැගිට සලාත් ඉටු කිරීමට හැකි වන පරිදි මම නිදමි. උපවාසය රැකිය හැකි පරිදි මම උපවාසයෙන් මිදෙමි. කාන්තාවන් විවාහ කර ගනිමි. එහෙයින් කවරෙකු මාගේ පිළිවෙත ප්‍රතික්ෂේප කර වෙනත් මාර්ගයක් පරිපූර්ණ යැයි සිතා මා හැර වෙනත් මාර්ගයක් පිළිපදින්නේ ද, ඔහු මගෙන් කෙනෙකු නො වන්නේය.