මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර් තා කරන ලදී. "මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ උදවිය මදීනාවට ආ දා පටන් එතුමාණන්ව අල්ලාහ් අත්පත් කර ගන්නා තෙක් අඛණ්ඩ ව රාත්‍රීන් තුනක් එක දිගට බඩ පුරවා ගෙන නැත." صحيح - متفق عليه
explain-icon

විවරණය

මුඃමින්වරුන්ගේ මෑණියක වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ උදවිය පිළිබඳ දැනුම් දීමේ දී, ඔවුන් මදීනාවට ආ දා පටන් එතුමාණන් මරණයට පත්වන තෙක්ම අඛණ්ඩ ව දින තුනක් එක දිගට තිරිඟු, ආහාරයට ගෙන නැති බව පවසා සිටියාය.

explain-icon

හදීසයේ හරය

  • මෙම ප්‍රකාශය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සහ එතුමාණන්ගේ පවුලේ උදවිය, ඔවුන්ගේ ජීවනෝපායේ පැවති අගහිඟකම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමකි. මක්නිසාදයත් සැබෑ ජීවිතය පරලොව ජීවිතයයි.
  • ඉබ්නු හජර් තුමා මෙසේ පැවසීය: ඔවුන්ගේ කුසගින්නට හේතුව ඔවුන් සතුව තිබූ වස්තුවේ හිඟකමයි. ඔවුන්ට යමක් සොයාගත හැකි වුව ද ඔවුන් තමන්ට වඩා අන් අයට ප්‍රමුඛත්වය ලබා දුන්හ.