අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මස්සිනා, මුඃමින්වරුන්ගේ මැණියක වූ ජුවෙයිරිය්යා බින්ත් අල්-හාරිස්ගේ සහෝදරයා වන අම්ර් ඉබ්නු අල්හාරිස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මරණයට පත් වූ අවස්ථාවේ දී එතුමාණෙන්ගේ සුදු ඔටුවා, එතුමාණන්ගේ ආයුධ සහ පුණ්‍යාධාරයක් ලෙස නියම කළ භූමි කොටසක් හැර කිසිදු රිදී කාසියක් හෝ රන් කාසියක් හෝ වහලෙකු හෝ වහලියක හෝ කිසිවක් ඉතිරි කර හැරදමා ගියේ නැත. صحيح - رواه البخاري
explain-icon

විවරණය

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මරණයට පත් වූ අවස්ථාවේ දී එතුමාණන් ප්‍රවාහන කටයුතු සඳහා භාවිතා කළ සුදු ඔටුවා, උසුලාගෙන සිටි එතුමාණන්ගේ ආයුධ, පුණ්‍යාභාරයක් ලෙස නියම කළ එතුමාණන්ගේ ආයුධ සහ නිරෝගීව සිටිය දී සරණාගතයින් සඳහා පුණ්‍යාධාරයක් ලෙස නියම කළ භූමි කොටසක් හැර කිසිදු රිදී කාසියක් හෝ රන් කාසියක් හෝ වහලෙකු හෝ වහලියක හෝ එළුවෙකු හෝ කොටළුවෙකු හෝ කිසිදු සම්පතක් හෝ හැරදමා ගියේ නැත.

explain-icon

හදීසයේ හරය

  • නබිවරුන් වස්තුවට උරුමක්කරුවෝ නොවූහ.
  • නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මරණයෙන් පසු එතුමාණන් හැර දමා ගිය දෑ පිළිබඳ විස්තර.
  • එතුමාණන් මිය ගිය අවස්ථාවේ එතුමාණන් වෙනුවෙන් වටිනාකම් සහිත කිසිවක් හෝ වියදම් කිරීමට හෝ පරිත්‍යාග කිරීමට වැදගත් කිසිවක් හෝ හැර දමා ගියේ නැත.
  • ඒවා නියම කළ්ය යන එතුමාගේ ප්‍රකාශයේ ඇති සර් වනාම පදය ඉඩමට පමණක් නොව කරුණු තුනක් වෙත යොමු කෙරේ. එනම් කොටළුවා, ආයුධ හා ඉඩමය.
  • අල්-කඃතන් යන අරාබි පදය බිරියගේ සහෝදරයා හා කාන්තා පාර් ශවයෙන් සහෝදරියන් දෙදෙනා හඳුන්වන පදයකි.